Login

Lost your password?
Don't have an account? Sign Up

ඉරානය හා ශ්‍රී ලංකාව අතර…

ඉරානය හා ශ්‍රී ලංකාව අතර දෙරටේ සමුපකාර සංවර්ධන කටයුතු සඳහා විශේෂ අවබෝධතා ගිවිසුමක්

ඉරානය හා ශ්‍රී ලංකාව අතර සුවිශේෂ සංවර්ධනාත්මක විෂය ක්ෂේත්‍රයන් 05 ක් සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් හා ඉරාන ජනාධිපතිතුමන් ඉදිරියේ අවබෝධතා ගිවිසුම් 05 ක් 2024.04.24 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කරන ලදි. මෙහිදී දෙරටේ සමුපකාර සංවර්ධන කටයුතු සඳහා විශේෂ අවබෝධතා ගිවිසුමක් ඉරාන ජාතික සමුපකාර සංවිධානය වන ICC ආයතනය හා ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය අතර අත්සන් කරන ලදි. සමුපකාර සංවර්ධන කටයුතු, ආයෝජන ප්‍රවර්ධන හා වෙළඳ කටයුතු, අධ්‍යාපන හා පුහුණු කටයුතු, නිෂ්පාදන හුවමාරුව වැනි විෂයන්ට අදාලව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි. මෙහිදී ඉරාන ICC සභාපතිතුමන් හා ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ ගරු සභාපතිතුමන් දෙරටේ ජනාධිපතිවරුන් ඉදිරියේ අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.

https://slncc.lk

Leave a Comment

Your email address will not be published.

*
*